"මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්"

කරුණාරත්න දිවුල්ගනේගෙ මේ ගීතයෙ මේ
පද පේලි දෙක අතරෙ කොච්චර දේවල් තියෙනවද
කියල මට හිතුනෙ සෙනසුරාදා ගෙදර ගියවෙලාවෙ
රේඩියෝ එකේ ඕක ගිය අතරෙ................

පබැදුම UD.SHA

උදය වරුවේ
තිබූ පැවරැම
නිසා වැරුවේ
නිදි නොදැනීම

බයක් දැනුනේ
දහය වන තුරු

ලොවෙත් නැත්තේ
බයත් නැත්තේ
ගැටළු නැත්තේ
පැතුව තරමේ

ගියා කැන්ටිම
හැමදාම යන
ගැහුවේ ප්ලේන්ටිය
හැමදාම බොන

පිටිය මැද්දේ
"ලොරිය" ඇත්තේ
තවත් ඇත්තේ
ඌත් මැද්දේ

ක්‍රිකට් පිත්තේ
බලය ඇත්තේ
ටෙනිස ඉස්සේ
අහස අස්සේ

ඔන්න නහොමයි
දවස ගෙවුනේ
යුනිටි පැත්තේ
හවස ඇද්දේ

තවත් විස්තර
පසුව ඇත්තේ
හතර විස්සට
ගෙදර බැස්සේ

කවි පබැදුම - UD.SHA


දැනටමත් පැයක්....
හිතත්රිදෙනවා....
ඊට වැඩිය ඇස් රිදෙනවා
බලන් ඉදලම...
reply එනකම්
ringcut එකට.

කවි පබැදුම - K.K. by true story


එකමත් එක කලෙක ...
හිතුවෙත් නැති වෙලාවක...
බෝට්ටුවක් ඇවිත්
අරන් ගියා
මගෙ වස්තුව
කදුළු පුරවගෙන බලන් ඉද්දීම..!

කවි පබැදුම (
K.K. by true story)

This is a site which express my feelings by my words and it's completely in Sinhala Language.
I think "Google translate" should have Sinhala Language and I will also mentioned it on my technical web sites.Due to the poor typing systems in Sinhala this site may unclear if Sinhala enabling pack is not installed. If someone cannot read clearly get these Unicode .
by UD.SHA (Udaya Shamendra)

type UD.SHA on Google ,there is what you want!