අලුතෙන් යමක් - කරද්දී
සමච්චල් ගොඩක් - මුලදී
උපදෙස් රැසක් - මැදදී
පැසසුම් කෝටියක් - අගදී
රවුම්ද නැති
එක පාටක් ඇති
ඇසිරිය හැකි ලෙස මිට මෙලවූ අතකින
පමණට ඉඩ ඇති පපුවේ
සෙනෙහස...
දැනේද මට කිසි
වෙනසක් එය නැති
එනමුදු එය ඔබ
ළඟ රඳවාගෙන් ඇත
කෙලෙසද තව මම
ජීවත් වෙන්නේ
අදට අහිමි වුව
හෙටට ඔබ හිඳින බව සිත නොදනිය...
රවුම්ද නැති...
තරුද සමඟ ඔබ ආකාසේ
කිසිත් නොදත් මම මේ කතරේ
සැරෙන් බලා සිටි හිරු නගරේ
ළඟට ගියේ ඇයි ඔහු පහසේ
ක්ෂයව ගියේ නොසිතන මොහොතේ
අමාවකයි හැමදා අහසේ
රවුම්ද නැති...
කවි පබැඳුම|(C)උදය ශාමේන්ද්‍ර
කියනු බැරි හදවත
රිදෙයි ඔබ දුටු විට
නොම දනී හසරැලී, මතුවෙන සරින්
බලන ඔබ වැනි වැනී
දසුන් නොම පෙනි පෙනී
කියනු බැරි හදවත...
මට කියනු නැත කියනු
අපට ඇති සිතිවිලී
ඇයට නිති හිමි නැති එකකි ඉන් හිතිවිලී
නොහැක මට දකින්නට
ඇයිද ඔය තරම් බොරු
කියනු බැරි හදවත...
සිප්හලේ සෙනෙහස
නැතත් තිබුනේ වැවී
තිබුනු පෙම සොහොයුරු ඔබට එය දැනුනිද
නොහැක මට පෙන්වන්න
ගන්න බැරි තේරුම්
කියනු බැරි හදවත...
නමුත් දින හමු වෙනා
ඈත ක්ෂිතිජය බලා එකට සිට හිනැහෙනා
එකම රුව පතන දින
එකම බැව් හෙලිවෙනා
පතා සිටි යුග ගණන
ගීත පබැදුම : (C) උදය ශාමේන්ද්‍ර
කවුරු මොනව කිව්වත් බෑ…
ගිවිසීමෙන් මග අරින්න,
මොනව කරන්නද යහළුව
මම උඹහට කියනු කෙසේ !
ආදරයේ අරුත මෙයද
බෑ කිසිවිට එකතු වෙන්න
මම ආදරෙ උඹට තමයි
උඹ ආදරෙ මටම තමයි?
හින්දි සළරුවක තිබුනා
ඔය වගේම සීන් එකක්
මටත් හිතයි ටෙස් කරන්න
ඒකෙත් හැටි කොහොම කියල
හැබැයි ඉතින් බය නොවන්න
අපිනම් නෑ පැනල යන්නෙ
එහෙනම් ඒ මොකක්ද අනෙ,
බලන්න රබ්නේ බනාදි!
“බලාපොරොත්තුව නලියන හිත තුල පතිත වූ සිහිනය…
ආදරය උතුරන නෙතු මත බොද වූ කදුලු කැට…”
විකසිත වූ ප්‍රේමය අදින් වසරකට පෙර ,
ඉදින් ඉවසා සසර වසනා තුරු…
නිසල වන පෙත සසල නොමවෙන
සසල දිය මත අතුල් ගසනා
විහග නුඹ නොම මසුන් මරනා…
මග දිගට ඇති කඩ පෙලින් පෙල
දිගින් දිගටම පා තබා යන ,
අමුතු බස වහරකින් මුසු වෙන
කතාවක් ඇත ගමනාන්තය වෙත
ඒ ටිකත් දැන් සිව් දුරක් වෙන…
කාලයයි හෙට එළඹෙනා
සැරින් සැර නිති වෙනස්වන හැටි
දෙසරයක් නොම බලන් හැරි හැරි
කතාවක් විය අවසානයක් නැති
ඉබේ ලියවෙන කෙනෙක් පවසන…
නමුත් ඇත ගමනාන්තයක් සුබ ,
එලෙස පවසන අයෙක්
දුටු සැමවිටම පවතින
ඉතින් ඇයි ඔබ
කදුල පමණක් දකින්නේ….
බලාපොරොත්තුව ඇවිදින සිහිනයකි -ඇරිස්ටෝටල්