“බලාපොරොත්තුව නලියන හිත තුල පතිත වූ සිහිනය…

ආදරය උතුරන නෙතු මත බොද වූ කදුලු කැට…”

විකසිත වූ ප්‍රේමය අදින් වසරකට පෙර ,

ඉදින් ඉවසා සසර වසනා තුරු…


නිසල වන පෙත සසල නොමවෙන

සසල දිය මත අතුල් ගසනා

විහග නුඹ නොම මසුන් මරනා…

මග දිගට ඇති කඩ පෙලින් පෙල

දිගින් දිගටම පා තබා යන ,

අමුතු බස වහරකින් මුසු වෙන

කතාවක් ඇත ගමනාන්තය වෙත


ඇරත් තව ටික දුරක් ඇත
වෙරක් නැත මට තනිව යන කල

ඒ ටිකත් දැන් සිව් දුරක් වෙන…

කාලයයි හෙට එළඹෙනා

සැරින් සැර නිති වෙනස්වන හැටි

දෙසරයක් නොම බලන් හැරි හැරි

කතාවක් විය අවසානයක් නැති

ඉබේ ලියවෙන කෙනෙක් පවසන…


නමුත් ඇත ගමනාන්තයක් සුබ ,

එලෙස පවසන අයෙක්

දු‍ටු සැමවිටම පවතින

ඉතින් ඇයි ඔබ

කදුල පමණක් දකින්නේ….


බලාපොරොත්තුව ඇවිදින සිහිනයකි -ඇරිස්ටෝටල්

-(C)උදය ශාමේන්ද්‍ර. tvt.tumblr.com

type UD.SHA on Google ,there is what you want!