බලන් උන්නා
වහුන් වෙන්නට
තැනක් නැත්තේ
දිය හොවන්නට

පැයක් උන්නා
දසුන් දල්වා
ඊට වැඩියෙන්
තද වැඩියි එම


දුකක් දැනුනා
මා ගැනම මට...//

මන්ද මා ඔබ
යදින සිඟමන
වටී මට මේ
දුකට වැඩියෙන්



උඹත් මාමෙන්
දිවි රැකීමට
පොදු වැසිකිළිය ළඟ
මුර  කිරීමට

මාර ගස මුල
සිටී නිබඳව...//




ලැබුනු දෙක නුඹ
දීපු දැන් මට
නැවත දෙන්නට
බෑ නුඹට යළි

කරන්නට වෙන
තැනක් නැතියෙන්
කරමි මම සුළු දිය
සනීපෙන් (@මාර ගස මුල)



බලන් ඉන්න
                   ඒ ඉර
අහන් ඉන්න
                   ඒ හඬ...//

සිතන් ඉන්න
                   ඒ රුව
ඔහුත් ඉන්න විට...

කියන් යන්න
                   ඒ දෙය
දකින්න බැරි විට...//


මගක් යන්න
                  ඒ මඟ
විටක් ඉන්න යන තුරු...

කිසිත් ඔන්න
                  ඒ වර
මුකුත් නොකිය ඉමි මම...//


(C)2010 උදය ශාමේන්ද්‍ර (අලෙක්සැන්දර් පූෂ්කින් නම් වූ ඒ මහා කලාකරුවා වෙනුවෙන්...)


අද උදයේ සිට
ආපසු ගියදා
නැවතී සිටින්න මා එනතුරා,
ඊයේ සිටි තැන
අදද තිබෙන තැන


තෙත්  වූ ඇස් හංඟාගෙන
ඉකිබිඳි
ඔබේ දුක් කඳුළු ලොවටම
හංඟා...


අඳුරු මුල්ලකට
කාමරයේ ඇති
දීප්තියෙන් වැටෙනා එළි
මුහුණු පොතේ...

අකුරු කරයි ඇය
දකින්න හෙටද දිනේ...


සමාවෙන්න යන වදන්
හරි මියුරු
ඇසෙයි දැනුදු මට
නිති එය සවන වැටී

වෙනස් වන්න ගන්නා
තීරණ අපගේ...
දැනී සැඟව යන හිරු
නොදකින ලෝකේ...
වෙනස් වන්න දැන්,
මේ නව හිරු කිරණයි...





පද වැල් : උදය ශාමේන්ද්‍ර







අලුතෙන් යමක් - කරද්දී

සමච්චල් ගොඩක් - මුලදී


උපදෙස් රැසක් - මැදදී


පැසසුම් කෝටියක් - අගදී






කවි පබැඳුම | (C)උදය ශාමේන්ද්‍ර














දාහය හිනැහෙන
වීරිය පිබිදෙන
හෙටයි දිනය අද රජ ඔබ බිහිකල
අපට හිතැති එය
ඔබට පුදමි නිති
මේ ලංකා

මිහිකත පතනා සිහිනය ඇතිකල
සුනිල කුසුම ඔබ දැය නිති සිහිකල
පතන දිනය ඒ සුබම සුබයි අප
අනාගතය දැක හිනැහෙනා
දනන් ඉඳින් නොම මවුබිම එක් කල
නිරිඳු ඔබයි ඒ නිරිඳු ඔහුය මේ

දාහය හිනැහෙන ...

සැබෑ වෙන්න අද හෙටට පැවති ඒ
පැතුම් හිරව නිති
සිතුම් අතර ඇති
සැමට සුබ පතන
දෙරණ රැස්කරන
දියුණුව සැම ගෙන්වා

දාහය හිනැහෙන ...

:(C)උදය ශාමේන්ද්‍ර

type UD.SHA on Google ,there is what you want!